Friday, September 30, 2011

ත්‍රී-මලේ - හම්බන්තොට බිම් තීරයේ ඉහළ උෂ්ණත්වයෙන් භූතාපය නිපදවිය හැකියි

ප්‍රභාත් විතාන

ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්‌වා රට අභ්‍යන්තරයෙන් දිවෙන බිම් තීරුවෙහි පෘථිවි මට්‌ටමට ඉතා ආසන්නව පවතින ඉහළ උෂ්ණත්වය උපයෝගී කර ගනිමින් භූතාප ශක්‌තිය නිපදවිය හැකි තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ඇති මූලික අධ්‍යයන ආයතනය හා භූවිද්‍යා හා පතල් කාර්යාංශය එක්‌ව මෙම බිම් තීරුවෙහි සිදුකළ පර්යේෂණවලින් පර්යේෂණ මගින් මෙසේ භූ තාපය නිපදවීමට ඇති හැකියාව පිළිබඳව සොයාගෙන තිබෙන බවත් වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

දිනෙන් දින තෙල් සහ ගල් අඟරු සම්පත් ක්‍ෂයවී යන බවත් මෙවැනි ක්‍රියාකාරකම් හරහා බළශක්‌ති අර්බුදයට පිළියම් යොදමින් සුබවාදී අනාගතයක්‌ කරා යොමුවීමට ඉදිරියේදී හැකියාව ලැබේ යෑයිද ඇමැතිවරිය කියා සිටියාය.

ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ "පුනර්ජනන බළශක්‌ති තාක්‍ෂණයන් තෝරා ගැනීම සහ ඒවායේ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපාර සහයෝගීතව දිරිගැන්වීම" මැයෙන් පසුගියදා කොළඹදී පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.


http://www.divaina.com/2011/09/30/news12.html

No comments:

Post a Comment