Friday, September 30, 2011

බලාගාර ප්‍රදේශවලට වැසි, විදුලිය නිපැයුම ඉහළට

ශිරාන් රණසිංහ

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට පසුගිය දින කිහිපයේදී ඇදහැළුණු වර්ෂාව නිසා ජල විදුලි නිෂ්පාදනය සියයට දහයේ පමණ සිට සියයට 21.1 දක්‌වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි. ඒ අනුව ජල විදුලි නිෂ්පාදන ප්‍රමාණය ගිගාවොට්‌ පැය දෙසිය අනූවේ සිට ගිගාවොට්‌ පැය හාරසිය හතළිස්‌ නවය දක්‌වා වැඩිවී ඇතැයි විදුලිබල මණ්‌ඩල වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඊයේ (29 වැනිදා) පෙරවරු 6.00 වන විට ලැබුණ වාර්තාවලට අනුව ගෙවී ගිය පැය විසිහතරේදී විදුලි බලාගාර ආශ්‍රිත කිසිදු ජලාශයකට වැස්‌ස ලැබී නොතිබුණ බවද විදුලිබල මණ්‌ඩල ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

කොත්මලේ ජල විදුලි බලාගාරයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක්‌ මේ දිනවල සිදුකරන බවත් වික්‌ටෝරියා ජලාශයේ ජල මට්‌ටම වැඩිවීමට නම් ධාරානිපාත වර්ෂා එකදිගට ලැබිය යුතු බවත් හෙතෙම කීවේය.

කෙසේ වෙතත් ලබන මස මුල් සති දෙක තුළ මෙරටට වැසි ලැබෙනු ඇතැයි විශ්වාසය පළ වී ඇතැයි ද ඔහු පැවැසුවේය.


http://www.divaina.com/2011/09/30/news05.html

No comments:

Post a Comment