ගැබ්බර මී දෙනක හා පැටියකු ලොරිය ඇතුළේ මැරිලා
අනුරාධපුර මධ්‍යම විශේෂ
බලපත්‍රයක් නොමැතිව සත්ව හිංසනය ඇතිවන අයුරින් හොර රහසේ මී ගවයන් (32) රැගෙන ගිය ආවරණය සහිත ලොරි රථයක් උතුරු මැද පළාත් විශේෂ විමර්ශන ඒකකය මගින් ගල්කුලම හන්දියේදී ඊයේ (19) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
ගනේවල්පොල සිට මාතලේ දක්වා මෙම ලොරිය ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි ගැබ්බර මී දෙනුන් කිහිප දෙනෙකුම සිට ඇත. අත්අඩංගුවට ගත් ලොරියේ ගැබ්බර මී දෙනක් මියගොස් සිටි අතර තවත් මී දෙනක් පැටියෙකු ප්‍රසූත කර ඇත. පැටියා ඒ වන විට මියගොස් සිටි බවද පොලිසිය පවසයි. ලොරියේ සිටි මී ගවයන් බොහෝ දෙනෙකු තුවාල ලබා සිටි බවද පොලිසිය පවසයි.
ලොරිය සමඟ සැකකරුවන් සිවු දෙනෙකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ගෙවී ගිය දින දහනමය (19) තුළ අත්අඩංගුවට ගත් තෙවන නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ ලොරිය බවද පොලිසිය සඳහන් කරයි. උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. සී. වික්‍රමරත්න, අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත උතුරුමැද පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. ගුණපාල, පොලිස් සැරයන් විජේසේන, පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රියන්ත නිශාන්ත යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
http://www.dinamina.lk/2011/09/20/_art.asp?fn=n11092011
No comments:
Post a Comment