Wednesday, September 28, 2011

බුත්තල තද සුළඟින් නිවාස රැසකට හානි

මොනරාගල - නයන ඉහළ ගෙදර බුත්තල ආයුපාල ගමගේ,
සියඹලාණ්‌ඩුව - මාපා තිලකසූරිය

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ගම්මාන රැසක පෙරේදා සවස (26 දා) හමාගිය තද සුළඟින් නිවාස 40 කට අධික ප්‍රමාණයකට අලාභ හානි සිදුවී ඇති බව මොනරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ දිස්‌ත්‍රික්‌ භාර නිලධාරි රවින්ද්‍ර මහතා පවසයි.

මෙසේ හානියට ලක්‌ වී ඇත්තේ ඔක්‌කම්පිටිය මිනිපුර ගම්මානය, දඹේයාය ගම්මානය, පහළ ගම, බුත්තල උඩඅරව යන ගම්මානයි.

මෙම ගම්මානවල නිවාසවල වහල කඩා වැටී ඇති අතර තිදෙනෙකුට සුළු තුවාල සිදුවී ඇත. මේ වනවිට හානිවූ නිවාස හා දේපළ සම්බන්ධව සොයා බැලීමට ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ නිලධාරීන් හා දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ නිලධාරින් අදාළ ගම්මාන වලට ගොස්‌ තිබේ.


http://www.divaina.com/2011/09/28/news04.html

No comments:

Post a Comment