ඒමන්ති මාරඹේ
කොළඹ නගරයේ පිහිටි තරු හෝටල් හා සුපිරි අවන්හල් බොහොමයකම පිළියෙළ කරනු ලබන ආහාරපාන පරිභෝජනයට සුදුසු තත්ත්වයේ නොමැති බවට ලැබී ඇති පැමිණිලි හේතුවෙන් එම හෝටල් හා අවන්හල් නිරතුරුව වටලා පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් දසදෙනකුගෙන් යුත් විශේෂ වැටලීම් කණ්ඩායමක් පත්කිරීමට කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම වැටලීම් කණ්ඩායමට තරු හෝටල් හා සුපිරි අවන්හල්වල පිළියෙළ කරනු ලබන ආහාර පානවල තත්ත්වය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි නම් ඒවාට එරෙහිව නඩු පැවැරීමේ බලයද පවරා ඇතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින"ට පැවැසීය.
මෙසේ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර පාන පිළියෙළ කර තිබූ තරු හෝටල් දෙකකට එරෙහිව පසුගිය සතියේදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ නඩු පැවැරූ බව වෛද්‍ය කාරියවසම් මහතා කීවේය.
බොහෝ තරු හෝටල් හා අවන්හල්වලින් ආහාර ගත් පසු වමනය, පාචනය, හිසරදය, උදරාබාධ වැනි රෝග ලක්ෂණ පහළ වන බවට මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි මෙම දිනවල වැඩි වී ඇතැයි කී කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මේ විශේෂ වැටලීම් කණ්ඩායම කොළඹ නගරයේ පිහිටි සියලු තරු හෝටල් හා සුපිරි අවන්හල් සෑම සතියකම පරීක්ෂාවට ලක් කරනු ඇතැයි සඳහන් කළේය.
http://www.divaina.com/2011/09/30/news07.html
No comments:
Post a Comment