මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර
සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගල්අමුණ ග්‍රාම නිලධාරි වසමේ ගල් අමුණ වගා ළිඳක වැටී සිටි දුර්ලභ ගණයේ සඳුන් දිවියකුගේ ජීවිතය වනජීවී නිලධාරි කණ්‌ඩායමක් විසින් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව බේරා ගැනීමට සමත් වී ඇත.
පෙරේදා (15 වැනිදා) රාත්‍රි මෙම සඳුන් දිවියා ගල්අමුණ වගා ළිඳක වැටී ඇති අතර එම සිද්ධිය දැනගත් ඉඩම් හිමියා ඊයේ (16 වැනිදා) ධනගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට දැනුම්දීමෙන් අනතුරුව බදුළුවෙල හා අම්පාර වනජීවී නිලධාරී කණ්‌ඩායමක් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සඳුන් දිවියා වගා ළිඳෙන් ගොඩගෙන කැලයට මුදාහැර ඇත. අඩි තුනක් දිගැති මෙම සඳුන් දිවියා පිරිමි සතෙකි. සඳුන් දිවියා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි නිසා කැලයට මුදාහළ බව ප්‍රකාශ වෙයි.
බදුළුවෙල වන නියාමක ජී. වේරගොඩ, අම්පාර වන නියාමක හීරෝ නිලන්ත යන නිලධාරීහු සඳුන් දිවියා බේරා ගැනීමට ක්‍රියා කළහ.
http://www.divaina.com/2011/09/17/provin01.html
No comments:
Post a Comment