Wednesday, September 21, 2011

ජනතා වතු සංවර්ධන මණ්‌ඩලයේ ජල බෝතල් කිරීමේ ව්‍යාපෘතියට ප්‍රමිති සහතිකය ලැබී නෑ

- ඇමැති දයාශ්‍රිත තිසේරා

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්, සිරිමන්ත රත්නසේකර

ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය විසින් අරඹා ඇති පානීය ජලය බෝතල් කිරීමේ ව්‍යාපෘතියට මෙතෙක්‌ ප්‍රමිති සහතිකය ලැබී නැතැයි රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජනවසම රුපියල් ලක්‌ෂ දොළහකට අධික මුදලක්‌ වැයකර ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.

http://www.divaina.com/2011/09/21/news16.html

No comments:

Post a Comment