Sunday, September 25, 2011

අපිරිසිදු ජලය ප්‍රයෝජනයට ගත හැකි වැඩපිළිවෙළක්‌ ආරම්භ කරනවා

- ඇමැති දිනේෂ් ගුණවර්ධන

සිරිමන්ත රත්නසේකර

අපිරිසිදු ජලය ප්‍රයෝජනයට ගත හැකි වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

එම කටයුතු ඉදිරියේදී සිදු කෙරෙන බවත් අපිරිසිදු ජලය බීමට නොවන එහෙත් වෙනත් ප්‍රයෝජනවත් කටයුතු සඳහා භාවිතා කිරීමට අපේක්‍ෂිත බවත් පැවසූ ඇමැතිවරයා පානීය ජලය ජනතාවගේ අයිතියක්‌ බවට පත්කිරීමේ ඉලක්‌කය සපුරා ගැනීම සඳහා සියලු ක්‍රියාමාර්ග තම අමාත්‍යාංශය ගෙන ඇති බවත් පැවසීය.

ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා (20 වැනිදා) එම අදහස්‌ පළ කළේ රුපියල් මිලියන හත්දහස්‌ දෙසිය අසූඅටක වියදමින් ඉදිකළ මීගමුව ජල සම්පාදන ක්‍රමය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදීය.

Read full story: http://www.divaina.com/2011/09/24/news26.html

No comments:

Post a Comment