Friday, September 30, 2011

පාදුක්ක-වග අනවසර වඩු මඩු ලී ගබඩා රැසක් වටලා සැකකරුවන් 5ක් අත්අඩංගුවට

හංවැල්ල සමූහ ධර්මසිරි විජේරත්න

වග අඩවි වන නිලධාරි බලප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය වඩුමඩු සහ බලපත්‍ර දීර්ඝ නොකරන ලද දැව වෙළෙඳ සල් වටලා සැකකරුවන් පස් දෙනකු සමග රුපියල් 1,21,512.72ක් වටිනා දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකිවී ඇත.

අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන්ට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවීමට නියම කළ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා දැව තොගය හා අනිකුත් නඩු භාණ්ඩ රාජසන්තක කිරීමට නියෝග කෙළේය.

වග අඩවි වන නිලධාරි එම්.එම්. යූ. පී. යාලේගම අතිරේක අඩවි වන නිලධාරි පී. ඒ. පී. ඒ. පෙරේරා සහ බීට්ටු වන නිලධාරි කේ. ඒ. ඩී. එස්. චÁද්‍රසිරි මහත්වරු වැටලීම සිදුකළහ.


http://www.dinamina.lk/2011/09/30/_art.asp?fn=r1109302

No comments:

Post a Comment