Friday, September 23, 2011

නොරොච්චෝල බලාගාරය රජයට පවරා ගැනීම අද

ශිරාන් රණසිංහ

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය නිල වශයෙන් රජයට පවරා ගැනීම අද (23 වැනිදා) කොළඹ ගෝල්ෙµaස්‌ හෝටලයේදී සිදු වේ.

මෙගොවොට්‌ නවසියයකින් සමන්විත නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ (ලක්‌විජය බලාගාරය) පළමු අදියර යටතේ මෙගොවොට්‌ තුන්සියයක්‌ මේ වන විටත් ජාතික විදුලි පද්ධතියට එක්‌කර තිබෙන අතර දෙවැනි අදියර යටතේ තවත් මෙගොවොට්‌ තුන්සියයක්‌ 2013 ජනවාරි මාසයේදී ජාතික විදුලි පද්ධතියට ලබාදිය හැකි බව ඉදිකිරීම් සිදුකරන චීන ඉංජිනේරුවරුන් පවසා තිබේ.

ඉතිරි මොගොවොට්‌ තුන්සියය 2015 වන විට ලබාදීම සැලසුම වී තිබේ.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය මෙරට ඉදිකළ පළමු ගල්අඟුරු විදුලි බලාගාරය වන අතර ඉන්දීය රජයේ සහාය මත දෙවැනි ගල්අඟුරු බලාගාරය ත්‍රිකුණාමල, සාම්පූර්වල ඉදිකිරීමට අදාළ ගිවිසුම මේ වන විටත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කර ඇත.


http://www.divaina.com/2011/09/23/news16.html

No comments:

Post a Comment