Thursday, September 29, 2011

18 ට අඩු ළමයින්ට ධීවර බෝට්‌ටුවල සේවා තහනම්

වැලිගම - රන්ජන් ජයවර්ධන

වයස අවුරුදු 18 ට අඩු ළමයින් ධීවර බෝට්‌ටුවල සේවයේ යෙදවීම වැළැක්‌වීම සඳහා වැලිගම පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ අරඹා තිබේ. වැලිගම පොලිසිය මගින් එම තත්ත්වය මඟහැරවීම සඳහා ධීවර යාත්‍රා හිමියන් සහ එම ළමයින්ගේ දෙමාපියන්ද සම්බන්ධ කොට ගනිමින් විශේෂ දේශන හා සම්මන්ත්‍රණ මාලාවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඉන්පසුවද ළමයින් එම සේවාවන්හි යොදාගනී දැයි අධීක්‌ෂණයට ධීවර පරීක්‌ෂකවරුන් හා කාන්තා කාර්යාංශ නිලාරීන් එකමුතු වී පුළුල් වැටලීම් ක්‍රියා මාර්ගයක්‌ ද සැලසුම් කොට තිබේ.

http://www.divaina.com/2011/09/29/news21.html

No comments:

Post a Comment