Friday, September 30, 2011

එළවළු-පලතුරු රට යවා දස ලක්‍ෂ 685ක ආදායමක්

සමන්මලී ප්‍රියශාන්ති සහ නුවන් කොඩිකාර

එළවළු හා පලතුරු අපනයනයෙන් ඉකුත් 2010 වසරේ දී රුපියල් දසලක්‍ෂ 685ක ආදායමක් උපයා තිබේ.

එළවළු හා පලතුරු අපනයන කර්මාන්තය වසර 30ක් පමණ පැරණි වන අතර 1977 දී ඉන් ලැබූ ලාභය රුපියල් මිලියන 6කි.

ඉදිරි දෙවර්ෂයේ දී එළවළු හා පලතුරු අපනයනය දෙගුණ කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ එළවළු හා පලතුරු අපනයනකරුවන්ගේ හා සැකැසුම්කරුවන්ගේ 30 වැනි වාර්ෂික සමුළුවට සහභාගි වෙමිනි. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවැති මේ සමුළුවේදී අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ එළවළු හා පලතුරු අපනයන මෙරට ගොවීන් දිරිමත් කිරීමටත් ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීමටත් ප්‍රයෝජනවත් වී ඇති බවයි.

රජයේ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ නිසා මේ වන විට මේ රටේ එළවළු හා පළතුරු අතිරික්තයක් තිබෙන බව පැවැසූ ඇමැතිවරයා මේ නිසා එළවළු හා පලතුරු අපනයනය වර්ධනය කළ යුතු බවත් කීවේය.

http://www.dinamina.lk/2011/09/30/_art.asp?fn=n1109305

No comments:

Post a Comment