Thursday, September 29, 2011

කනම්පැල්ල රක්ෂිතයේ හදිසි ගින්නක් - අක්කර 200ක වන වගාව විනාශයි

අවිස්සාවේල්ල විශේෂ – එස්. පද්මපෙරුම


කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වන රක්ෂිතයක් වන කොස්ගම කනම්පැල්ල වන රක්ෂිතයේ ඇති වු හදිසි ගින්නකින් අක්කර 200 ක පමණ වන වගාවක් විනාශ වී ඇත.

ඊයේ 28 සවස ඇති වු මෙම ගින්න පැතිරීයෑම වැළැක්වීමට කොස්ගම පොලිසිය සහ යුද හමුදාව එක්ව ක්‍රියා කළ අතර පසුව පනාගොඩ හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකයද කැඳවා ගින්න පැතිරීම මැඩපවත්වන ලදී.

මෙම කොටසේ වගාකර තිබූ පයිනස් වගාව වෙනුවට හොර පැළ වගාව ආරම්භ කර ඇති අතර මෙම හදිසි ගින්න නිසා එම නව වගාවට දැඩි හානි සිදුවී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොස්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.


http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=35671

No comments:

Post a Comment