Tuesday, September 27, 2011

කිතුල් පැළ පනස් දහසක් 2012 දී සිටුවීමට පියවර

සම්පත් සංජීව

ජාතික ව්‍යාපෘතියක් ලෙස ලබන වර්ෂය තුළ කිතුල් පැළ පනස් දහසක් සිටුවීමට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කිතුල් නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, ඉල්ලුමට සරිලන සැපයීමක් නොමැති වීම නිසා කිතුල් ආශි‍්‍රත කර්මාන්තය දියුණු කිරීමට අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත.

කිසිදු වියදමක් නොදරා හොඳ අස්වැන්නක් ලබා ගත හැකි කිතුල් නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීම තුළින් ස්වයං රැකියා විශාල ප්‍රමාණයක් බිහි වන අතර රටේ ජාතික ආදායමට ද විශාල ශක්තියක් ලබාගත හැකි බව නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතා සඳහන් කරයි.

කිතුල් පැණි බෝතලයක මිල රුපියල් හයසියයක් හත්සියයක් අතර මුදලකට අලෙවි කළ හැකි බවද ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක කිතුල් සාර්ථකව වැවිය හැකි ය. පුහුණු කළ කිතුල් මල් මදින්නන් ගේ හිඟයක් පවතින අතර එහෙත් මේ වන විට තෝරා ගත් පිරිසකට අවශ්‍ය පුහුණුව ලබාදී තිබේ.

පිරිස් පුහුණු කිරීමේ කටයුතු තවදුරටත් කිරීමට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.


http://www.dinamina.lk/2011/09/26/_art.asp?fn=n1109265

No comments:

Post a Comment