Monday, September 26, 2011

ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති ආසනික් විරෝධී ජාතික ගොවි ව්‍යාපාරයේ අධිෂ්ඨාන පුජාව (2011-09-25)

වැඩසටහන එප්පාවල ඛෙත්තාරාම රජමහා විහාරස්ථානයෙන් උදෑසන 9.30ට පමණ තෙරුවන් නැමද රථ 50කට අධික පෙරහැරක් ලෙස අනුරාධපුර නගරය දක්වා ගමන් ආරම්භ කරන ලදී. රථ පෙරහැර ගමන්කරන අතරවාරයේ මහමන්කඩවල පියරතන නායක ස්වමීන්වහන්සේ සහ අතුරලියේ රතන ස්වමීන්වහන්සේ මඟ දෙපස ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදී. 

ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට යන රථ පෙරහැර සදහා තලාව කතෝලික දේවස්ථානයෙන් විශාල පිරිසක් එක් වූ අතර කිතුදන පුබුදුව ආයතනයත් විශාල පිරිසක් සහභාගි කරන ලදී. රථ පෙරහැරට එක්වීමට පලමුව දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවත්වීම ද සිදු විය. 

ශ්‍රී මහා බෝධීන් වහන්සේට අලූත් සහල් සහ විශේෂයෙන් පැරණි බීජ වර්ග සහ 23 වනදා සිට ආගමික වතාවත් රැසක් සිදුකර රැගෙන ගෙන ආ අටපිරිකර පුජා කිරීම සිදු විය. අනතුරුව අධිෂ්ඨානය සහ සෙත් පිරිත් සජ්ජායනය මෙන්ම භාවනා වැඩසටහනකින් අනතුරුව පස්වරු 2.30ට පමණ වැඩසටහන නිමා කරන ලදී. මෙම අධිෂ්ඨානය සිදු කිරීමෙන් විශාල ගොවි ජනතාවක් දැනුවත් වීම මෙන්ම පංචසීලය රැකගනිමින් ධාර්මික ගොවිතැනක් සිදු කිරීමට එක් වීම මෙම වැඩසටහන තුළ සිදු විය. තවද ආසනික් පිළිබදව පර්යේෂණ සිදු කරන ලද කණ්ඩයම කී කරුණු ශ‍්‍රී මහාබෝධීන් වහන්සේ අභියස සත්‍යක් බව තවදුරටත් කිරීමත් ප‍්‍රතිවිරුද්ධ මත සම්බන්ධව ජනතාව තුළ පැහැදීමක් නොමැති බව හෙලිදරව් වීමත් වැඩසටහන තුල ලැබූ විශාල ජයග‍්‍රහනයකි. 

(ආසනික් විරෝධී ගොවි ව්‍යාපාරය වෙනුවෙන් ශ‍්‍රී ලංකා හරිත වයාපරය විසින් ප‍්‍රචාරය කරන ලදී)








No comments:

Post a Comment