Wednesday, September 21, 2011

ගවයකුට හිංසා කළාට අත්හිටවූ සිර දඬුවම්

ගම්පහ සංචාරක – නිමල් ජයසිංහ

සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ දී තරුණයින් තිදෙනෙකු එක්ව එළ ගවයකු පඩි පෙළකට නංවන්නට සැරසෙමින්, එක් අයෙකු වැරෙන් කඹයෙන් අදිමින් ද, අනික් දෙදෙනාගෙන් කෙනෙකු ගවයාගේ වලිගයෙන් වැරෙන් අදිමින්ද අනිකා කෙවිටකින් දරුණු ලෙස පහර දෙනු දුටු සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් මෙම තරුණයින් තිදෙනා අත්අඩංගුවට ගෙන (20) දින ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

චෝදනාවට වරද පිළිගත් අයට මාස 03 ක සිර දඬුවමක් නියම කළ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා සිර දඬුවම වසර 05 කට අත්හිටුවීමට ද නියෝග කළේ ය. දඬුවම් නියම වූවේ ජයන්ත පෙරේරා, කිත්සිරි සුගත්, අජිත් කුමාර යන අයට ය.


http://www.dinamina.lk/2011/09/21/_art.asp?fn=n11092115

No comments:

Post a Comment