Sunday, September 25, 2011

නොරොච්චෝල විදුලි බලාගාරය දින දහයකට වසා දමයි

ශිරාන් රණසිංහ

නොරොච්චෝල ලක්‌විජය විදුලි බලාගාරයේ නිපදවන මෙගොවොට්‌ තුන්සියයක විදුලිබල නිෂ්පාදනය ලබන බදාදා (28 වැනිදා) සිට දින දහයක කාලයක්‌ වසා දැමීමට ලංකා විදුලිබල මණ්‌ඩලය තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

බලාගාරයෙන් නිපදවන පළමු අදියරේ මෙගොවොට්‌ තුන්සියයේ කාර්යක්‍ෂමතාව සහ 2010 වසරේ ගිනිගත් බලාගාරයේ සල්µර් අවශෝෂණ යන්ත්‍රය අලුතින් සවිකිරීම සඳහා මෙලෙස බලාගාරයේ කටයුතු නතර කරන බව ද ඇමැතිවරයා ඊයේ (23 වැනිදා) කොළඹ ගෝල්ෙµaස්‌ හෝටලයේදී පැවැසීය.

මේ දිනවල පවතින නියඟය නිසා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි නිෂ්පාදන ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කිරීම විදුලිබල සැපැයුමට බලපාන්නේ නැතැයි ද ඇමැතිවරයා කීවේය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ දෙවැනි අදියරේ විදුලි නිෂ්පාදනය 2013 ජනවාරි මාසයේ දී පමණ විදුලිබල මණ්‌ඩලය වෙත ලබා දිය හැකි වෙතැයි චීන ඉංජිනේරුවරු පැවසූ බව ද ඇමැතිවරයා කීවේය.

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ මෙගොවොට්‌ 150 ක විදුලි බලයක්‌ ද 2012 මුල් කාර්තුවේදී ජාතික විදුලි පද්ධතියට එක්‌ කිරීමට නියමිතව ඇත.


http://www.divaina.com/2011/09/24/news22.html

No comments:

Post a Comment