Friday, September 30, 2011

කොකා කෝලා ලක්ෂ එකහමාරක දඩ කයි

අනුරාධපුර මධ්‍යම විශේෂ සහ පණ්ඩුක සමරසේකර

දිවයිනේ ප්‍රසිද්ධ සිසිල් බීම සමාගමක් වන ‘කොකා කෝලා’ බෙවරේජ් සමාගමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක (1,50,000) දඩ මුදලක් ගෙවන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

අදාළ සමාගම විසින් වැලිඔය, පදවිය ප්‍රදේශයේ බෙදාහැරි මේ සිසිල් බීමවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය හා කාණ්ඩ අංකය සඳහන් නොමැති බවට වැලිඔය මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී. වාසල මහතා ගොනුකළ පැමිණිල්ලකට අනුව විභාග වූ නඩුවකදී අදාළ චෝදනාවන් තුනට සමාගම වරදකරු බවට නිගමනය කළ දිසා විනිසුරුතුමන් එක් චෝදනාවකට රුපියල් (50,000) බැගින් චෝදනා තුනට රුපියල් (1,50,000) දඩයක් නියම කළේය.

සිසිල් බීම නිෂ්පාදනය කර බෙදාහල බියගම තේක්කවත්ත කොකාකෝලා බෙවරේජ් සමාගම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා පෙනී සිටි අතර වැලිඔය මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. වාසල මහතා පැමිණිල්ල මෙහෙයවීය.


http://www.dinamina.lk/2011/09/30/_art.asp?fn=n1109302

1 comment:

  1. හප්පා...ලක්ෂ එක හමාරක්...වැලි ගොඩකින් වැලි ඇටයක් ගත්ත වගේ නොවැ...

    ReplyDelete