Tuesday, September 27, 2011

කුණු කෑම විකුණා 3784ක් අමාරුවේ

සන්ධ්‍යා කරුණාරත්න

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමෙන් ගත වූ මාස අට තුළදී රුපියල් දසලක්‍ෂ 24 කට ආසන්න මුදලක් අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි වී තිබේ.

එසේ නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයන් 3784 දෙනකුට විරුද්ධ නඩු පැවරීමෙන් මේ දඩ මුදල අයකර ගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.

තත්ත්වයෙන් බාල ආහාර අලෙවි කිරීම, අපිරිසිදු ආහාර අලෙවිය, පාරිභෝගිකයා නොමඟ යවන ආකාරයේ ආහාර ලේබල් කිරීම, පරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර ගබඩා කිරීම යනාදී හේතූන් මත නඩු පැවරූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව ජනතාවගේ සෞඛ්‍යයට හිතකර ලෙස ආහාර අලෙවිය සම්බන්ධයෙන් රට පුරා පිහිටි වෙළෙඳසල් වර්ගීකරණය කරන බව ද හෙතෙම කීය. ඉතාම හොඳ ආහාර අලෙවිසල් “ඒ” ලෙසත්, ඊට මඳක් ගුණාත්මක බවෙන් අඩු ආහාර අලෙවිසල් “ඕ” ලෙසත්, සාමාන්‍ය ආහාර අලෙවිසල් “ඛ්” ලෙසත් වර්ගීකරණය කරන බවත් ඔහු පැවැසීය.

ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රධාන නගරවල මේ වර්ගීකරණය සිදුකර අවසන් යැයි ද සෙනරත් මහතා පැවැසුවේය.

මේ වර්ගීකරණය සිදුකර අවසන් වීමෙන් පසුව ආහාර අලෙවිසල් ඉදිරිපිට ඒ, ඕ, ඛ් ලෙස වර්ග කළ දැන්වීම් පුවරුවක් මගින් ප්‍රදර්ශනය කළ යුතු බව ද හෙතෙම කීය.


http://www.dinamina.lk/2011/09/26/_art.asp?fn=n1109264

No comments:

Post a Comment