Tuesday, September 27, 2011

කොළඹ පවිත්‍ර කටයුතු අධික්‍ෂණය පොලිසියට

පණ්ඩුක සමරසේකර

කොළඹ නගරයෙහි පවිත්‍රතා කටයුතු නිසි පරිදි සිදුවන්නේ දැයි අධීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් පොලිස් නිලධාරීන් යොදවා තිබේ.

කොළඹ මහ නගර සභාවෙන් සිදු කරන නගර පිරිසුදු කිරීමේ කටයුතු නිසි පරිදි මෙතෙක් සිදු කිරීමක් නොකළ නිසා මෙම පියවර ආරක්ෂක අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීමෙන් සිදු කරන බව තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

කොළඹ අලංකරණය සහ එහි නඩත්තු කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිසි ප්‍රමිතියකට සහ ක්‍රමවත් වැඩපිළිවෙළකට අනුව සිදු කරන අතර එහි පවිත්‍රතා කටයුතු නිසි ලෙස සිදු කිරීම නගර සභාව සතු කාර්යක් වන හෙයින් මෙම අධීක්ෂණ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය සිදු කරයි.

ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කළේ ඊයේ (26) “දිනමිණ” සමඟ කළ පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදීය.


http://www.dinamina.lk/2011/09/27/_art.asp?fn=n1109277

No comments:

Post a Comment