Wednesday, September 21, 2011

‘ඉහළ කොත්මලේ’ සියයට 89ක් වැඩ ඉවරයි

චමීර ඇල්ලදෙණිය

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන විශාල පරිමාණයේ අවසන් ජල විදුලි බලාගාරය වන ඉහළ කොත්මලේ බලාගාරයේ ඉදිකිරීම් සියයට 89 කින් නිමකර ඇත. මෙගාවොට් 150 ක විදුලි ධාරිතාවක් මේ බලාගාරයෙන් නිපදවීමට නියමිත අතර, මේ වසර අවසානයේදී මෙහි විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතය. මේ බලාගාරය සඳහා ජපන් යෙන් මිලියන 33 ක් හා ලංකා විදුලිබල මණ්ඩලය මගින් රුපියල් මිලියන 8700 ක මුදලක් වැය කර තිබේ. මේ දිනවල බලාගාරයේ අධි බලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් සවිකිරීම සිදු කරයි.

http://www.dinamina.lk/2011/09/21/_art.asp?fn=n1109216

No comments:

Post a Comment