Tuesday, September 20, 2011

නිවාසවලින් 90% කම නිවැරැදි ලෙස අකුණු සන්නායක පද්ධති සවිකර නෑ

ඒ නිසාම අකුණු අනතුරු වැඩිවෙලා
- ආපදා කළමනාකරණ ඇමැති

තුෂාරී කළුබෝවිල

ශ්‍රී ලංකාවේ විදුලිය භාවිත කරන නිවාසවලින් සියයට 90 ක්‌ම නිවැරැදි ආකාරයට විදුලි සන්නායක පද්ධති සවිකර නොමැති හෙයින් අකුණු අනතුරුවල වැඩිවීමක්‌ ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා "දිවයින" ට පැවැසීය.

නිවෙස්‌වලට විදුලිය ලබාදීමේදී එම විදුලි සන්නායක පද්ධති නිසි ආකාරයට සවිකර තිබේදැයි විදුලිබල මණ්‌ඩලයේ නිලධාරීන් ද කිසිදු ආකාරයකින් නිරීක්‍ෂණය නොකරන බව ද ඇමැතිවරයා කීවේය.

නිවැරැදි ක්‍රමය වන්නේ අකුණු සන්නායක පද්ධතිය අඩි 3 කට වැඩි ප්‍රමාණයක්‌ පොළොවෙන් යටට වළ දමා තිබිය යුතු අතර අඟල් එකහමාරක්‌ පමණ පොළොවෙන් මතුපිටට ඉතිරි කර එහි සන්නායක විදුලි කේබලය සවි කළ යුතුය.

මේ සම්බන්ධයෙන් සහ අකුණු අනතුරු වළක්‌වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය මගින් ආරම්භ කර තිබේ.

එහි පළමු දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා හොරණදී පැවැති අතර දෙවැනි වැඩසටහන රත්නපුරයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී අඩු ආදායම්ලාභී පවුල්වලට විදුලි සන්නායක පද්ධති කට්‌ටල බෙදා දීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පියවර ගෙන තිබේ.


http://www.divaina.com/2011/09/20/news10.html

No comments:

Post a Comment