Tuesday, September 20, 2011

රසායනික ද්‍රව්‍ය යෙදූ සහල් තොගය සත්ව ආහාර නිෂ්පාදන ආයතනවලට

පරිභෝජනයට නුසුදුසු බව රස පරීක්ෂණවලින් හෙළිවෙයි

මීගොඩ සමූහ – ඩබ්ලිව් . ඩී. ජයතිස්ස

රාසායනික ද්‍රව්‍ය යොදන ලද සහල් තොගයක් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ හතළිස් අටකි. නැඟෙනහිර හේවාගම් කෝරළයට අයත් සමුපකාර සහල් ගබඩාවේ මේ සහල් තොගය සත්ව ආහාර වශයෙන් යොදන ලෙසට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කළේ යැයි පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. බුලත්සිංහල මහතා පැවැසීය.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂක බුලත්සිංහල මහතා තවදුරටත් මෙසේ පැවැසීය.

දැනට මාස දෙකකට පෙරාතුව, කාර්යාලයට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් මත, පාදුක්ක සහල් තොග ගබඩාවේ හා ඊට අනුබද්ධ හංවැල්ල ගබඩාවේ තිබී රසායනික ද්‍රව්‍ය යෙදූ සහල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව එහි සාම්පල් වශයෙන් ලබාගත් කොටස් අවිස්සාවේල්ල අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව රස පරීක්‍ෂකවරයාට යවා තිබෙනවා. රස පරීක්‍ෂක වාර්තාවෙන් රසායනික ද්‍රව්‍ය ඇති බව වාර්තා වුණා.

එම සහල් මහජන සෞඛ්‍යයට අහිතකර බව තීන්දු කරමින්, දැනට මාස දෙකකටත් වැඩි කාලයක් ගතවී ඇති බැවින් ඒවා සත්ව ආහාර නිෂ්පාදන ආයතනයකට බාර දෙන ලෙස දන්වා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ඒවා සත්ව ආහාර ලෙස යොදන ලෙස ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට
ඇත.

http://www.dinamina.lk/2011/09/20/_art.asp?fn=r1109202

No comments:

Post a Comment