Thursday, September 22, 2011

Rice sold as animal feed (2 items)

පොළොන්නරුවේ ඇතැම් මෝල් හිමියෝ හාල්වලින් සත්ත්ව ආහාර හදති

කරුණාරත්න ගමගේ

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ඇතැම් සහල් මෝල් හිමියන් සහල්වලින් සත්ත්ව ආහාර නිපදවීමට පෙළඹී ඇති බව කියති.

වෙළෙඳපොළේ වී මිල ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමගම මෙම තත්ත්වය උද්ගත වී ඇති බව අනාවරණය වේ.

දැනට පවතින වී මිලට අනුව මිනිස්‌ පරිභෝජනය සඳහා සහල් නිපදවීමට වඩා සත්ත්ව ආහාර නිපදවීම විශාල ලාභ ගෙන දෙන්නක්‌ බවද කියති. පාරිභෝගික සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් පවසන්නේ මිනිස්‌ පරිභෝජනය සඳහා සුදුසු සහල්වලින් සත්ත්ව ආහාර නිපදවීම නීතියෙන් වරදක්‌ බවත්, එසේ සත්ත්ව ආහාර නිපදවන සහල් මෝල් හිමියන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බවද එහි නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය.

පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ සහල්වලින් සත්ත්ව ආහාර නිපදවූ බව කියන සහල් මෝලක්‌ වටලා කිලෝ 20,000 ක තොගයක්‌ පසුගියදා අත්අඩංගුවට ගෙන නීති මගින් ක්‍රියා කිරීමට පියවර ගත් බවද එම නිලධාරියා පැවසීය.


http://www.divaina.com/2011/09/22/provin05.html
--------------------------------------------------

හොඳ හාල් කිලෝ 20,000ක් සත්ව ආහාරවලට විකුණලා - පොළොන්නරු වී මෝල් හිමියෙක් අත්අඩංගුවට

ගාමිණී ඔබේසේකර පොළොන්නරුව විශේෂ සහ පොළොන්නරුව දිසා සමූහ එම්. පී. සරත්

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පැවැති සහල් කිලෝ 20,000 ක් සත්ව ආහාර සඳහා අලෙවි කිරීමට සූදානම් කොට තිබියදී පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පොළොන්නරුවේ බැඳිවැව ප්‍රදේ්ශයේ දී (20) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සහල් තොගය සත්ව ආහාර සඳහා උතුරු ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණි.

සිද්ධියට සම්බන්ධ සහල් මෝල් හිමියා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් වන ඇම්. වී. ආර්. සෙනෙවිරත්න, එච්. පී. එල්. කුමාර, ඒ. බී. නවරත්න, කේ. අයි. දිසානායක, අයි. ටී. ජයසිංහ මහත්වරු මේ වැටලීම සිදු කළහ.

http://www.dinamina.lk/2011/09/22/_art.asp?fn=n1109226

No comments:

Post a Comment