Thursday, September 29, 2011

කසළ තේ තොගයක් කඩුගන්නාවේදී අත්අඩංගුවට

අසේල කුරුළුවංශ සහ මධ්‍යම පළාත් සංචාරක

මෙරට සුපිරි තේ බව දක්වා විදේශ රටවලට යැවීම සඳහා සූදානම් කර තිබූ කසළ තේ බවට සැකකරන තේ කිලෝ ග්‍රෑම් හත් දහසක් පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායම විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තේ කොළ තොගය බෑග්වල අසුරා ලොරි රථයකින් කොළඹ ප්‍රදේශයට රැගෙන යමින් තිබූ බව පොලිසිය පවසයි.

වෙළෙම්බඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කසළ තේ ගෙනවිත් ඒවාට වෙනත් තේ කොළ මිශ්‍රකර විදේශ රටවලට යවන බවට ලද තොරතුරක් මත පොලිසිය මෙම වැටලීම් සිදුකර ඇත. තේ සාම්පල් තේ පර්යේෂණායතනය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. ලොරි රථය සමඟ එහි රියදුරු සහ සහායකද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර කඩුගන්නාව පොලිසිය ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


http://www.dinamina.lk/2011/09/29/_art.asp?fn=n11092914

No comments:

Post a Comment