Thursday, September 22, 2011

කලවම් පොල්තෙල් විකුණන වෙළෙඳුන් ඇල්ලීමේ මෙහෙයුමක්‌

ලසිත දුමින්ද

කලවම් කරන ලද පොල්තෙල් තොග සහ සිල්ලර වශයෙන් අලෙවි කරන වෙළෙඳුන් වැටලීම සඳහා දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුමක්‌ ආරම්භ කිරීමට පොල් සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

මෙය පාරිභෝගික අධිකාරිය සමග එක්‌ව ක්‍රියාත්මක කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති සුගත් හඳුන්ගේ මහතා ඊයේ (21 වැනිදා) "දිවයින" ට පැවසීය.

නියම පොල්තෙල්වලට ෆාම් ඔයිල් ඇතුළු අනිකුත් ආදේශක වර්ග කලවම් කොට අලෙවි කිරීම් පිළිබඳව වාර්තා වී ඇති බවත් ඒ අනුව පළමුවරට මෙම පියවර ගත් බවත් හෙතෙම සඳහන් කළේය.

වැටලීම්වලදී අත්අඩංගුවට පත්වන වෙළෙඳුන්ට පමණක්‌ නොව එම පොල්තෙල් නිෂ්පාදකයාටත් එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.


http://www.divaina.com/2011/09/22/news13.html

No comments:

Post a Comment