Sunday, September 25, 2011

අසූචි මිශ්‍ර ජලය බීමට ඉඩ හළ හෝටල් හිමියන් තිදෙනකුට දඩ

කළුතර දිසා සමූහ දයාරත්න කුමාරසිංහ

අහිතකර බැක්ටීරියා සහිත අසූචි මිශ්‍ර ජලය මහජනතාවට පානය කිරීමට සැලැස්සූ පොකුණුවිට නගරයේ සහ ඉළිඹ ප්‍රදේශයේ හෝටල් හිමියන් දෙදෙනෙකු හා රෙස්ටුරන්ට් හිමියකුට රුපියල් 7500 බැගින් රුපියල් 22500ක දඩයක් ගෙවන ලෙස හොරණ මහේස්ත්‍රාත් මහින්ද පී. රණසිංහ මහතා නියම කළේය.හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් කළ හදිසි වැටලීමක දී මේ පිරිස කොටුකර ගැනීමට හැකි වී තිබේ.

කළුතර රජයේ අතිරේක රස පරීක්‍ෂකවරයාට පානීය ජලයේ සාම්පල් ඉදිරිපත් කිරීමෙන් පසු ජලයෙහි අසූචි මිශ්‍ර බැව් අනාවරණය වී ඇත. 1980 අංක 26 දරන ආහාර පනත යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික ධර්මරත්න මහතාගේ උපදෙස් පරිදි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක චාල්ස් පෙරේරා මහතා ඇතුළු සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් කණ්ඩායමක් මේ වැටලීමට සහභාගි වූහ.


http://www.dinamina.lk/2011/09/24/_art.asp?fn=r1109248

No comments:

Post a Comment