Thursday, September 29, 2011

ලක්‌ෂ 5 ක්‌ වටිනා බුරුත දැව ළඟ තබාගත්තැයි රිමාන්ඩ්

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

නීsති විරෝධී අයුරින් ඉරන ලද බුරුත දැව කඳන් තමන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි පුද්ගලයකු ලබන 30 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට කන්තලේ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු කෝසල සේනාධීර මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළේ කන්තලේ පේරාරු ජනපදයේ අහමුදු හුසේන් සහීබ්බාවා නොහොත් කබීර් නමැත්තෙකි.

සැකකරුගේa නිවස පිටුපස මඩුවක සඟවා තිබු රුපියල් ලක්‌ෂ 5 ක්‌ පමණ වටිනා බුරුත දැව පලු 50 ක්‌ කන්තලේ මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරික්‌ෂක ප්‍රියන්ත, උප පොලිස්‌ පරීක්‌ෂක අඹන්පොල, පොලිස්‌ සැරයන්වරුන් වන ප්‍රියන්ත (25657), සරත් (46073), තරංග (69153), මෝහාන් (59442), චන්දන (61672), රණවීර (2811), යන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.


http://www.divaina.com/2011/09/29/news15.html

No comments:

Post a Comment