Thursday, September 22, 2011

සෝමාවතී ජාතික වනෝද්‍යානයේ බිම් අඟලක්‌වත් කාටවත් දී නෑ

- ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන

අනුර බාලසූරිය

සෝමාවතී ජාතික වනෝද්‍යානයට අයත් ඉඩම් බිම් අඟලක්‌වත් කිසිවකුට ලබාදී හෝ ලබාදෙන්නේ නැතැයි ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

එම අමාත්‍යංශයේ (20 දා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඔය කියන කන්දකඩුව ගොවිපොළ වනෝද්‍යානයට අයත් ඉඩමක්‌ නොවන බවත් මෙය පශු සම්පත් මණ්‌ඩලයට අයත්ව තිබූ ගොවිපළක්‌ බවත් දැන් යුද හමුදාව විසින් නව ගොවි පළක්‌ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළ ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් කෙරෙන චෝදනාව ප්‍රතික්‌ෂේප කළේය.

වනෝද්‍යානයට යාබද කන්දකඩුව අක්‌කර 5598 කින් යුත් ගොවිපළ 1991 දෙසැම්බර් 4 දා ඇමැති මණ්‌ඩල තීරණයකින් පශු සම්පත් මණ්‌ඩලයට පවරා එම මණ්‌ඩලය මගින් අභිජනන මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන ගොස්‌ ඇති බවත් සඳහන් කළේය.

නමුත් 1994 වසරේදී පැවැති අනාරක්‍ෂිත තත්ත්වය මත ආරක්‍ෂක අංශවල උපදෙස්‌ පරිදි එම ගොවිපළ ඉවත්කර තිබූ බවත් ඉන්පසු ගොඩනැඟිලි විනාශයට ගොස්‌ තිබූ බවත් 2009 යුද්ධය නිමාකර රට තුළ සාමකාමී වාතාවරණයක්‌ උදාවීමත් සමග මෙම ගොවිපළ භූමිය ආරක්‍ෂක හමුදාව විසින් එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරක්‌ ලෙස පවත්වාගෙන ගිය බවත් හෙතෙම පැවසීය.

එම කටයුතු අවසන් වීමෙන් පසු එහි ස්‌ථානගතව සිටින යුද හමුදාව නැවතත් නව ගොවිපළක්‌ ලෙස ආරම්භ කිරීමට පියවර ගෙන සත්ත්ව පාලන හා බෝග වගා කිරීම කරගෙන යන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2011/09/22/news25.html

No comments:

Post a Comment