Wednesday, September 21, 2011

හාල්වලට කෘත්‍රිම වර්ණක යොදා අලෙවි කළ දෙදෙනකුට දඩ

සිරිසේන රාජපක්‍ෂ

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක සහල්වලට රෙදි වර්ණ කරන කෘතිම වර්ණ කාරක යොදා අළෙවි කළ බව කියන වෙළඳුන් දෙදෙනකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජී. එල්. පි‍්‍රයන්ත මහතා විසින් රුපියල් දෙදහස බැගින් (ඊයේ 20) දඩ නියම කරණ ලදී. මෙසේ දඩ නියම කරන ලද්දේ රංජිත් ධර්මසිරි සහ ඩී. එම්. එස්. හර්ෂන නමැති දෙදෙනාට ය. ඉහත කී චෝදනාවට අදාළ කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් ආහාර පනත යටතේ චූදිතයින් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

ඒ අවස්ථාවේ චූදිතයින් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. යසන්ත පෙරේරා මහතා අධිකරණය වෙත කරුණු දක්වමින් තම සේවාදායකයින් තොග වෙළඳුන් ගෙන් සහල් මිලට ගෙන ඒවා සිල්ලට විකුණන බවත්, මේවාට වගකිව යුත්තේ තම සේවාදායකයින් නොවන නිසා ඔවුන් වරද පිළිගැනීමට සූදානම් බැවින් ඔවුනට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය. නීතිඥවරයාගේ එම ඉල්ලීම ගැන සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා චූදිතයින් දෙදෙනාට ඉහත කී දඩය නියම කළේ ය.

http://www.dinamina.lk/2011/09/21/_art.asp?fn=n11092112

No comments:

Post a Comment