Saturday, September 17, 2011

වෛද්‍ය නිර්දේශ නැතත් සමහර ඔසුසල්වලින් බෙහෙත් නිකුත් කිරීම යළිත්

ඒමන්ති මාරඹේ

වෛද්‍ය නිර්දේශයකින් තොරව පුද්ගලික ඔසුසල් හරහා දියවැඩියාව, හෘද රෝග ඇතුළු සංකීර්ණ රෝගාබාධ සඳහා ලබාදෙන බෙහෙත් වර්ග රෝගීන්ට නිකුත් කිරීම තහනම් කර තිබියදීත් ඇතැම් ප්‍රධාන පෙළේ පුද්ගලික ඔසුසල් එම බෙහෙත් වර්ග වෛද්‍ය නිර්දේශ පත්‍රිකාවකින් තොරව නිකුත් කරන බව සෞඛ්‍ය ආරංචි මාර්ග පැවැසීය. මෙහි ඇති විශේෂත්වය වනුයේ එසේ සංකීර්ණ රෝගාබාධයන් සඳහා ලබාදෙන බෙහෙත් වර්ග වෛද්‍ය නිර්දේශ පත්‍රිකාවකින් තොරව නිකුත් කරනු ලබන පුද්ගලික ඔසුසල් හිමියන්ට එරෙහිව සිර දඬුවම් නියම කිරීම දක්‌වා වූ දඬුවම් ලබාදෙන බවට සඳහන් නිවේදන හා පුවත්පත් ලිපි ප්‍රදර්ශනය කරන ඔසුසල් විසින්ම එම වරද ප්‍රසිද්ධියේ සිදු කිරීමයි.

වෛද්‍ය නිර්දේශයකින් තොරව අදාළ බෙහෙත් වර්ග රෝගීන්ට නිකුත් කිරීම තහනම් කිරීමේ නියෝගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කිරීමෙන් පසු කෙටි කලක්‌ ඒ අනුව ක්‍රියාත්මක වූ මෙම ප්‍රධාන පෙළේ පුද්ගලික ඔසුසල් මේ වන විට ඒ සියල්ල අමතක කර දමා පෙර පරිදිම රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ඇසූ පමණින් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

http://www.divaina.com/2011/09/17/news06.

No comments:

Post a Comment