Sunday, September 25, 2011

මහවැලි ගොවීහු පිරිසක්‌ රජයේ පොහොර සහනාධාරය එපා කියති

ප්‍රභාත් විතාන

රසායනික පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයෙන් වැඩි වී අස්‌වැන්නක්‌ ලබාගෙන ඇති පොළොන්නරුව මහවැලි බී කලාපයේ ගොවීන් පිරිසක්‌ රජයේ පොහොර සහනාධාරය ප්‍රතික්‍ෂේප කර ඇත. ඒ බව එම ගොවීන් ලිපියක්‌ මගින් තමනට දැනුම් දුන් බව පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් නිමල් අබේසිරි මහතා පැවසීය.

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මහවැලි බී කලාපයේ ගිනිගමන ගම්මානයේ ගොවීහු පිරිසක්‌ රසායනික පොහොර සහනාධාරය එපා කියා මෙම ලිපිය ලබාදුන් බවත් ඔවුන් රසායනික පොහොර භාවිතයෙන් වී අක්‌කරයකට ලබන අස්‌වැන්නට වඩා වැඩි අස්‌වැන්නක්‌ කාබනික පොහොර භාවිතයෙන් ලබා ගන්නා බවත් එම ලිපියෙන් සඳහන් කර ඇති බවත් අබේසිරි මහතා පැවසීය.

රසායනික පොහොර භාවිතයෙන් අක්‌කරයකට බුසල් 120 ක්‌ ලබාගෙන ඇති අතර කාබනික පොහොර භාවිතා කර ශ්‍රී ක්‍රමයට වී වගා කිරීමෙන් අක්‌කරයට බුසල් 200 කට ආසන්න ප්‍රමාණයක්‌ ලබාගැනීමට හැකිවී ඇති බැවින් මෙලෙස රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය නවත්වන ලෙස ඔවුන් දන්වා ඇති බවත් ඒ මහතා කියා සිටියේය.


http://www.divaina.com/2011/09/25/news06.html

No comments:

Post a Comment