Friday, September 30, 2011

වල් අලි පහරින් දරුවන් දෙදෙනකුට බරපතළයි

සීගිරිය විශේෂ

අලුයම ගමට කඩා වැදුණ වන අලියකු බැලීමට ගිය දරුවන් දෙදෙනෙකුට එම අලියා පහරදී තුවාල ලබා රෝහල් ගත කර ඇත.

විල්ගමුව බෝගහවැව ගම්මානයට ඊයේ (28) අලුයම 6.30 ට පමණ වන අලි දෙදෙනකු පැමිණ ඇති බව ගම්මුන් දැක ඇත. අලියා බැලීම සඳහා එකම පවුලේ දරුවන් දෙදෙනකු නිවස පිටුපසට දිවයද්දී අලියා පහරදී ඇත.

තුවාල ලැබූ අවුරුදු 5 සහ 14 ක් වයසැති දරුවන් දෙදෙනා හඳුන්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ ඇති බැවින් මහියංගණය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

ගම්වැදි සිටින අලින් දෙදෙනා පලවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් හා පොලිසිය එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.


http://www.dinamina.lk/2011/09/30/_art.asp?fn=n1109307

No comments:

Post a Comment