Monday, August 15, 2011

හොරෙන් විදුලිය ගත් 1800ට මිලියන 109ක දඩ වදී


ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු කරනු ලැබූ දීප ව්‍යාප්ත වැටලීම් මඟින් රුපියල් මිලියන 109.8ක් අයකැර ගැනීමට හැකි වූ බව එහි විශේෂ විමර්ශන වැටලීම් අංශයේ කළමනාකාර එල්.සේනාරත්න මහතා සිළුමිණට පැවසීය.
ජනවාරි සිට ජූලි අවසානය වනවිට ඉහත කී දඩ මුදල් ලබා ගැනීමට හැකි වී ඇති අතර පුද්ගලයන් 1800කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ ආදායමෙන් රුපියල් මිලියන 19.5ක් උසාවි දඩ වශයෙන් ද රුපියල් මිලියන 90.2ක් විදුලිබල මණ්ඩලයේ අලාභය වශයෙන් ද අය කර ගෙන තිබේ. ශ්‍රී ලංකාව පුරා මේ වැටලීම් සිදු කෙරුණ අතර ඉදිරියේ දී ද අඛණ්ඩව මේ වැටලීම් කරන බව ද සේනාරත්න මහතා පවසයි.

යම් පුද්ගලයකු හෝ ආයතනයක් මඟින් වංචනික විදුලිය ලබා ගන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු දුරකතන අංක 011-2422259 ඔස්සේ විශේෂ වැටලීම් අංශයට දැනුම් දෙන ලෙසට ද විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

http://www.silumina.lk/2011/08/14/_art.asp?fn=aa1108143

No comments:

Post a Comment