Monday, August 15, 2011

නිවුඩ්ඩ නැත්නම් නඩු


පිටි නිෂ්පාදනයේදී තිරඟු ඇටවලින් මෙතෙක් සියයට 26 දක්වා එහි නිවුඩ්ඩ ඉවත් කරන ලද නමුත් මින් ඉදිරියට තිරිඟු ඇටවල නිවුඩ්ඩ සියයට 80 දක්වා ඉතිරි කළ යුතුª බවට නීති පැණවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
පාන්පිටි නිෂ්පාදනයේදී තිරිඟු ඇටවලින් සියයට 26 දක්වා නිවුඩ්ඩ ඉවත් කිරීම නිසා පාන්පිටිවල සියයට 74ක් පවතින්නේ පිෂ්ඨය පමණක් බවත් එය දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇතුළු රෝග ගණනාවකට හේතු වන බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ තත්ත්වය වැළැක්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන මඟින් පාන්පිටිවල පැවැතිය යුතු පිෂ්ඨය සීමා කිරීම අත්‍යාවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස වී තිබේ. ඒ අනුව වෙළෙඳපොළට නිකුත් කරනු ලබන පාන්පිටිවල අනිවාර්යයෙන්ම නිවුඩ්ඩ කොටස සියයට 80 දක්වා පැවැතිය යුතුව තිබේ. තිරිඟුවල පෝෂ්‍ය පදාර්ථ අතරින් වැඩි කොටසක අඩංගු වන්නේ එහි නිවුඩු කොටස් බවත් අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් අධික පිෂ්ඨය සහිත ආහාර පරිභෝජනය කිරීම හේතුවෙන් මෙරට ජනතාව අතර බෝ නොවන රෝග පැතිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවත් අනාවරණය වෙයි.


http://www.silumina.lk/2011/08/14/_art.asp?fn=aa1108147

No comments:

Post a Comment