Monday, August 15, 2011

තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමෙන් විදුලිබල මණ්‌ඩලයේ පාඩුව මාසයකට රු.කෝටි 350ක්‌!

ශිරාන් රණසිංහ

තාප විදුලි බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කිරීම ඉතා විශාල ලෙස ඉහළ දමා ඇති නිසා ලංකා විදුලිබල මණ්‌ඩලය මසකට ලබන පාඩුව රුපියල් කෝටි තුන්සිය පනහක්‌ බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය.

පසුගිය වසර පනහක කාලයේ වර්ෂාපතන දත්ත වාර්තාවලට අනුව 2011 ජුනි සහ ජුලි මාසයේ අඩුම වර්ෂාපතනය වාර්තා වූ නමුත් විදුලිබල බණ්‌ඩලය සතු තාප විදුලිබලාගාර මගින් අඛණ්‌ඩව විදුලි බලය සැපයීමට හැකිවීම ජයග්‍රහණයක්‌ යෑයි විදුලිබල හා බලශක්‌ති ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්‌ටම සියයට විස්‌සක මට්‌ටමේම තිබුණ ද නොරොච්චෝල ඇතුළු තාප විදුලි බලාගාර දොaෂයකින් තොරව ක්‍රියාත්මක වන්නේ නම් ඉදිරි සතිවල වැසි නොලැබුණත් අඛණ්‌ඩව විදුලිය ලබාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

මේ වනවිට ජලවිදුලි නිෂ්පාදනය සඳහා ජලාශවල ජලය පාවිච්චියට නොගෙන සිටීමට උත්සාහ කළද කුඹුරු වලට අවශ්‍ය ජලය මුදාහැරීමට සිදුවී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ජල විදුලි නිෂ්පාදනය ඉතා අවම මට්‌ටමකට පත්වීම හා තාප විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කිරීමට සිදුව ඇති නිසා දිනකට විදුලිබල මණ්‌ඩලය ලබන පාඩුව රුපියල් කෝටි හතේ සිට කෝටි දොළහ පමණ දක්‌වා වැඩි වී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.



http://www.divaina.com/2011/08/14/news01.html

No comments:

Post a Comment