Saturday, August 13, 2011

Elephant census: Update (13th August)


Elephant census begins


Thousands of workers, soldiers and volunteers fanned out across Sri Lanka yesterday to begin the country’s first national elephant survey despite a boycott by some wildlife groups.


Hundreds of conservationists decided not to take part because of fears prompted by comments from a minister that the survey will be used to seize elephants and send them to temples for use in religious ceremonies. Some 4,000 people are taking part in the two-day survey which is the first time formerly war-ravaged Sri Lanka has attempted to count elephants in all of its national parks.


The enumerators headed out before dawn on Friday and started the count at watering holes, ancient irrigation tanks and lakes commonly used by elephants.


http://www.dailynews.lk/2011/08/13/news12.asp
============================================================
සංගණනයට පැමිණි නිලධාරීන්ට අලින්ගෙනුත් ප්‍රහාරයක්‌
ජාතික අලි සංගණනය වාර්තා කිරීමට ගිය දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීන් හා වන ජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ඩී. රත්නායක මහතා ඇතුළු වනජීවී නිලධාරින් කණ්‌ඩායමකට ඊයේ (12 වැනිදා) පස්‌වරුවේ මින්නේරිය ජලාශය අසල ජාතික වනෝද්‍යානයේදී වන අලි පහර දීමට උත්සාහ දැරූහ.

වන අලි සිව්දෙනකු නිලධාරීන් හා මාධ්‍යවේදීන් පැමිණ සිටි වාහන වටකරගෙන පහර දීමට උත්සාහ දරද්දී සියලු දෙනාම වාහනවල නැගී ආරක්‍ෂිත ස්‌ථානවලට ගියහ. මෙහිදී එක්‌ මාධ්‍යවේදියෙක්‌ සිටි වාහනයකට අලියෙකු පහරදීමෙන් සුළු තුවාල සිදුවිය.
සීගිරිය - සරත් එරමිණිගම්මන
============================================================



ග්‍රීස්‌ යකුන් යෑයි හිතලා වෙච්ච ඇබැද්දියක්‌අලි සංගණනයට පැමිණි නිලධාරීන්ටත් පහර දීලා
පහර කෑ වනජීවීයේ දෙදෙනෙක්‌ රෝහලට

හමුදාවේ පිරිසකටත් පොතුවිල්හිදී ප්‍රහාර


හේමන්ත රන්දුණු , අනුර බාලසූරිය, සුසන්ත අමරබන්ධු, ගයාන් චින්තක, කේ. පී. බණ්‌ඩාර, ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ, සමන්තුරේ එම්. පුවාඩ්

ග්‍රීස්‌ යකුන් සහ භූතයන් යෑයි කියමින් අලි සමීක්‍ෂණය සඳහා සහභාගී වී සිටි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට සහ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ප්‍රදේශ කීපයකදී ප්‍රහාර එල්ලවීම නිසා එම ප්‍රදේශවල දැඩි කලබලකාරී තත්ත්වයක්‌ ඊයේ (12 වැනිදා) උද්ගත වී තිබිණි.

පොතුවිල්, ඌරනිය, අම්පාර, එරගම සමන්තුරේ, අඹන්පොල ඇතුළු තවත් ප්‍රදේශ කීපයකදී ඊයේ දිනයේ මෙම කලබලකාරී තත්ත්වය උද්ගත විය. මෙම ප්‍රදේශවල ඇති වී තිබූ කලබලකාරී තත්ත්වය පොලිසිය, පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව යොදා පාලනය කිරීමට කටයුතු කර තිබිණි.

අම්පාර එරගම ප්‍රදේශයේ දී සහ අඹන්පොළ ප්‍රදේශයේදී පහර කෑමට ලක්‌වූ අලි සමීක්‍ෂණයට සහභාගි වී සිsටි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.

අලි සමීක්‍ෂණ කටයුතු සඳහා සහාය වීමට එක්‌ව සිටි යුද හමුදා සෙබළුන් පිරිසකට පොතුවිල් ඌරනිය ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් පෙරේදා රාත්‍රි අමානුෂික ලෙස පහරදී තිබිණි.

මෙම හමුදා සෙබළුන් හමුදා ඇඳුම් ඇඳගෙන නොසිටි අතර ඔවුන් කළු පැහැති ඇඳුමින් සැරසී සිය රාජකාරියේ යෙදී සිට ඇත.

මෙම පිරිස ගී්‍රස්‌ යකුන් යෑයි කියා ඔවුන්ට ප්‍රදේශවාසීන් අමානුෂික ලෙස පහරදී තිබේ. මෙම සිද්ධියෙන් පසු ආරක්‍ෂක අංශ මගින් පහරදීමට සම්බන්ධ ප්‍රදේශවාසීන් හයදෙනකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් පොතුවිල් පොලිසිය වෙත භාර දී ඇත.

පොලිස්‌ අත්අඩංගුවට ගත් පුද්ගලයන් හයදෙනා වහාම මුදාහරින ලෙස කියමින් පොතුවිල් නගරයට ඊයේ උදේ රැස්‌ වූ දහසකට අධික පිරිසක්‌ කලහකාරී ලෙස හැසිරීම නිසා එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.

උද්ඝෝෂකයන් ටයර් පුළුස්‌සා මාර්ග අවහිර කර දමා ආරක්‍ෂක අංශ නිලධාරීන්ට සහ වාහනවලට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබේ.

පසුව පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව ප්‍රදේශයේ ඇතිවී තිබූ තත්ත්වය පාලනය කළහ.

මේ අතර අත්අඩංගුවට ගෙන සිsටි ගම්වැසියන් හයදෙනා ද ආපසු මුදාහැරීමට කටයුතු කරන බව අම්පාර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා කියා සිටියේය.

11 වැනිදා රාත්‍රියේ එරගම වැව ආසන්නයේ වන අලි සමීක්‍ෂණයට ගිය දෙදෙනකු ගී්‍රස්‌ යකුන් දෙදෙනකු යෑයි සිතා අල්ලා පහරදීම නිසා දමන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබේ. 11 වැනිදා සවස 5.30 ට පමණ වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඉසුරු උදයංග (21) සහ ඊ. එම්. බණ්‌ඩාර (21) යන දෙදෙනා එරගම වැව ආසන්නයේ මණික්‌කමාඩුව වනගත ප්‍රදේශයක්‌ ආසන්නයේ රාජකාරි කටයුත්තක්‌ සඳහා ස්‌ථානගත කර තිබේ. ප.ව. 5.45 ට පමණ එම ස්‌ථානයට පැමිණි ප්‍රදේශවාසීහු අලි සංගණනයේ යෙදී සිsටි දෙදෙනා අල්ලා ගත්හ. ඒ අවස්‌ථාවේදීත් ඔවුන් රාජකාරි කටයුත්තකට පැමිණි බවත් ජාතික හැඳුනුම් පත්‍ර රාජකාරි හැඳුනුම්පත සහ අලි සංගණනය, තොරතුරු සටහන් පත්‍රිකා ඇතුළු ලිපි ලේඛන ද පෙන්වා සම්මන්තුරේ වනජීවී අඩවි සහකාර එන්. ජී. කිත්සිරි මහතාට දුරකථනයෙන් කතාකර ඔවුන් අල්ලාගත් අයෙකුට ඔහු දුරකථනයෙන් සම්බන්ධ කර දෙන ලදි. වනජීවී අඩවි සහකාරවරයා ඔවුන් දෙදෙනා තමා යටතේ සේවය කරන දෙදෙනකු බවත් විනාඩි 10 කින් එම ස්‌ථානයට එන බවත් පවසා සිටියේය. නමුත් එය නොපිළිගත් කුපිත වූ ජනතාව ඔවුන් දෙදෙනාට පහර දෙමින් මාර්ගය දිගේ රැගෙනවිත් පසුව ඔවුන් යතුරුපැදිවල නංවා එක්‌ අයෙකු වරිපතන්ෙච්න පල්ලියටත් අනෙක්‌ අය එරගම පල්ලියටත් රැගෙන ගොස්‌ ඇත.

මට ගහගහ වරිපතන්ෙච්න පල්ලියට අරන් ගියා. යමන් තෝව පල්ලියට ගිහින් මරණවා කීවා. තෝව පණ පිටින් යවන්නේ නැහැ කීවා. මෙලෙස මට පහර දෙමින් පල්ලියට රැගෙන යද්දී ප්‍රදේශවාසී මුස්‌ලිම් ජනතාව විශාල පිරිසක්‌ පල්ලිය අවට හිsටියා. පස්‌සේ පැය කිහිපයකින් පොලිසියයි හමුදාවේ මහත්වරුයි මාව බේරාගත්තා යෑයි අලි සංගණනයකට ගොස්‌ ගී්‍රස්‌ යකෙක්‌ යෑයි සිතා පහර කෑමට ලක්‌වූ වන ජීවි අතිරේක ක්‍ෂේත්‍ර නිලධාරී ඊ. එම්. එන්. බණ්‌ඩාර මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට පත් වූ අලි සංගණනයට ගොස්‌ සිටි ඉසුරු උදයංග මහතා පවසා සිටියේ මට ගහ ගහ එරගම පල්ලියට අරන් ගියා. ඒ යන ගමන් මට පිටිපස්‌සේ සිට පිහිවලින් පවා ඇන්නා. පස්‌සේ මාව එරගම පල්ලියට රැගෙන යද්දී පොලු අරගත් 1000 ක්‌ විතර ඒ ආසන්නයේ රැස්‌ව සිටියා. පස්‌සේ මාව පල්ලිය ඇතුළට අරන් ගියා. එතැන හිටිය අය මට ගහන්න හදද්දී බේරා ගන්න උත්සාහ කළා. පස්‌සේ මාව කාමරයකට දාලා ඇත්ත කියපන් නැත්නම් මරණවා කීවා. මට ඊට පස්‌සේ ගැහුවා. මම විස්‌තර කීවා. පස්‌සේ පොලිසිය ආවත් යවන්නේ නැහැ. අම්මාව එක්‌කරන් එන්න කීවා. පස්‌සේ පොලිසියෙන් අම්මාට ෙµdaන් කළා. ඊට පස්‌සේ අම්මා යාලුවෙක්‌ සමග ආවා. ඊට පස්‌සේ තමයි මාව නිදහස්‌ කළේ යනුවෙන් පැය කිහිපයක්‌ ප්‍රකෝප වූ මුස්‌ලිම් ජනතාවගේ අත්අඩංගුවේ පසු වූ අලි සංගණනයට පැමිණි ඉසුරු උදයංග පැවසීය.

ඔවුන් බේරා ගැනීම සඳහා එරගම පල්ලියට ගිය වනජීවී දෙපාර්තමේන්තුවේ සම්මන්තුර අඩවිය භාර අඩවි සහකාර එන්. ජී. කිත්සිරි මහතාට ද පහර දී එම ස්‌ථානයෙන් පිටතට තල්ලු කර දමා තිබේ. ඔහුද පල්ලියෙන් එපිටට පැමිණෙන ප්‍රකෝප වූ ජනතාවට නොපෙනෙන සේ හැංගෙමින් පැමිණ තිබේ.

මෙලෙස පහර කෑමට ලක්‌ වූ දෙදෙනාගේ හැඳුනුම්පත් රියෑදුරු බලපත්‍ර, මුදල් සහ ඔහු සන්තකයේ තිබූ ලිපි ලේඛන සහ ජංගම දුරකථන පවා සියල්ලම ප්‍රකෝප වූ ජනතාව රැගෙන ඇතැයි ඔවුහු පැවසූහ.

මේ අතර අඹන්පොළ දළුව වැව අසල ගසක්‌ මත වන අලි සමීක්‍ෂණයේ නිරතවූ දෙදෙනාට ප්‍රදේශයේ ගොවීන් විසින් බාධා පමුණුවා ඇත.

පෙරේදා (11 දා) පස්‌වරුවේ 5.30 ට පමණ මොවුන් දෙදෙනා ගසක්‌ උඩ සිට වනඅලි සමීක්‍ෂණයේ පෙරහුරුවක යෙදී සිටියදී මෙම අකරතැබ්බට මුහුණපෑමට සිදුවී ඇත.

කුඹුරු රැකීමට ගිය ගොවීන් තම කුඹුරුවලට වන අලින්ගෙන් හානි සිදුවන බව පවසා ඔවුන් දෙදෙනා ගහෙන් බස්‌සවා විරෝධය පාමින් ඔවුන්ගේ රාජකාරියට බාධා සිදු කර ඇත.

වනජීවී නියාමකවරයකු හා ඔහුගේ සහායට සිටි ප්‍රදේශවාසියකුට එම ගොවීන් මෙලෙස බාධා පමුණුවා ඇති බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුව ඔවුන් පොලිසියට දැනුම් දීමෙන් පසු එම ස්‌ථානයට පැමිණි පොලිසිය එම දෙදෙනා මුදාගෙන ඇත.

ගොවීන්ගෙන් සිදුවූ බාධා හේතුවෙන් වන අලි සමීක්‍ෂණයට යොදාගෙන තිබූ එම ස්‌ථානය එමගින් ඉවත් කර තිබේ.

පෙරහුරුවේ යෙදී සිටියදී එහි සිටි වන අලින් සංඛ්‍යාව ගණනය කරගෙන ඇත.



http://www.divaina.com/2011/08/13/news01.html

No comments:

Post a Comment