Monday, August 1, 2011

අතරමැදියන්ගෙන් තොරව ඉන්දියානු ඖෂධ මෙරටට

සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමැති ඉන්දියා යයි
චමින්ද සිල්වා - ඒමන්ති මාරඹේ

ඉන්දියාවේ සිට අතරමැදියන්ගෙන් තොරව ඖෂධ මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (01 වැනිදා) ඉන්දියාව බලා පිටත් වේ. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කාර්යාලය මගින් නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රතිශක්‌තිකරණ පිළිබඳ අන්තර් ජාතික සමුළුවට ද ඇමැතිවරයා සහභාගි වේ. අතරමැදියන් හරහා මෙරටට ඖෂධ ගෙන ඒම නිසා මුදල් නාස්‌තිය, කලට වේලාවට ඖෂධ නොලැබීම සහ ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මෙරටට ලැබීම ඇතුළු ගැටලු රැසක්‌ මතුවී ඇති බවත් එයට පිළියමක්‌ ලෙස මෙරටට අතරමැදියන්ගෙන් තොරව ඖෂධ ලබාගැනීම පිළිබඳ එරට සෞඛ්‍ය ඇමැති සමඟ සාකච්ඡා කරන බවත් ඇමැතිවරයා කීය.

මෙහිදී ඇමැතිවරයා ඉන්දියානු ඖෂධ සභාව සහ ඖෂධ කර්මාන්තකරුවන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.



Source: http://www.divaina.com/2011/08/01/news05.html

No comments:

Post a Comment