Sunday, August 7, 2011

භාණ්ඩ හිඟයට ප්‍රමිති සහතිකය හරස් වෙයි

සමහරු අත යට මුදල්ද ඉල්ලති

වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අක්‍රමිකතා බලපා ඇති බවට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති චෝදනා කරයි.ප්‍රමිති සහතිකය ලබාදීම සඳහා ව්‍යාපාරිකයන්ගෙන් ඇතැම් නිලධාරීන් අතයට මුදල් බලාපොරොත්තුවීම ප්‍රමිති සහතිකය ලබාදීමට ප්‍රමාදයට හේතුව බව ව්‍යාපාරිකයෝ පවසති. ආහාර වර්ග සහ තවත් භාණ්ඩ රැසක් ප්‍රමිති සහතිකය ලබා ගැනීමට නොහැකිව ගොඩගැසී ඇතැයිද පවසති.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඇතැම් නිලධාරීන් සිදු කරන දූෂණ අක්‍රමිකතා නිසා භාණ්ඩ ආනයනය කරන දේශීය ව්‍යාපාරිකයෝ ගැටලු රැසකට මුහුණ දී සිටිති. ප්‍රමිති සහතිකය නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා එක් සිමෙන්ති ආනයන සමාගමක් සිය ආනයන කටයුතු නවතා දමා තිබේ. විදේශ රටවල ඕනෑ තරම් සිමෙන්ති තිබේ. ප්‍රමිති ආයතනය මතුකරන ගැටලු නිසා ව්‍යාපාරික ප්‍රජාව සිමෙන්ති හා වෙනත් භාණ්ඩ ආනයනය නැවතීම රටේ සංවර්ධන කටයුතුවලට බෙහෙවින් බලපාන බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි.

ප්‍රමිති ආයතනයේ ඇතැම් නිලධාරීන් සමග හිතවත්කම් පවත්වන සමහර සමාගම් තමන් ආනයනය කරන භාණ්ඩවලට ප්‍රමිති සහතිකය ඉක්මනින් ලබා ගැනීමට ක්‍රියා කරන බවද වාර්තා වේ. මේ බරපතළ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමටත් විෂය භාර ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග සාකච්ඡා කිරීමටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලාපොරොත්තු වේ.


http://www.dinamina.lk/2011/08/06/_art.asp?fn=n1108062

No comments:

Post a Comment