Sunday, August 7, 2011

ජල පෝෂිත ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් වහා නවතන්න

ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්


ජල පෝෂිත ප්‍රදේශවල සිදුකෙරෙන අනවසර ඉදි කිරීම් වහාම නතර කළ යුතු බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට නියෝග කළේය.  එමෙන්ම නාගරික ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ පවතින ගැටලු විසැඳීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා විසින් මෙලෙස උපදෙස් දෙනු ලැබුවේ අරලියගහ මන්දිරියේ දී පෙරේදා (4) පැවැති කෘෂිකර්ම, පශු සම්පත්, පරිසර, ගොවිජන සේවා, වන ජීවි, වාරිමාර්ග හා ජල කළමනාකරණ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

වෙළෙඳ පොළ ඉල්ලුමට නොගැලපෙන වී වගා කිරීම නිසා ගොවීන් විවිධ අපහසුතාවන්ට පත්වෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා වෙළෙඳ පොළ අවශ්‍යතාවන්ට ගැලපෙන වී වර්ග ගොවීන්ට හඳුන්වා දීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. සංවර්ධනයට බාධා කෙරෙන ආයතනමය බලතල ගැටලු විසඳාගැනීමට සරළ ක්‍රම භාවිත කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ, එස්. එම් චන්ද්‍රසේන, අනුර පි‍්‍රයදර්ශන යාපා, මහින්ද යාපා අබේවර්ධන, ආරුමුගම් තොණ්ඩාමාන්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.



http://www.dinamina.lk/2011/08/06/_art.asp?fn=n1108066

No comments:

Post a Comment