Sunday, August 7, 2011

රජරට නියඟය උග්‍රවී වැව්වල ජලමට්‌ටම පතුලටම බසී



මාස තුනක්‌ පුරා රජරට ප්‍රදේශවලට ප්‍රමාණවත් වැසි ලැබී නැති නිසා ලොකු කුඩා වැව් රැසක්‌ සිඳීයමින් පවතී. ගහකොළද මැරීයමින් පවතින අතර වනසතුන් ද දියසොයා ගම්වැදීම වැඩි වී තිබේ. වන අලි මේ අතරින් බහුලය. දඩයම්කරුවන් කැලෑ ගිනිතැබීමෙන් මේ තත්ත්වය තවත් තීව්‍ර වී තිබේ.

මහවැලි "එච්" කලාපයේ ගොවීන්ගෙන් විශේෂයෙන් අතිරේක බෝගවගා කරුවෝ මේ නිසා මහත් ගැටලුවකට මුහුණ දී සිටිති. බළලුවැව මේ වනවිට සම්පූර්ණයෙන් ම සිඳීගොස්‌ ඇති අතර කලාවැවෙන් නිකුත් කළ හැකි දියවර අවසන් වී තිබේ. අක්‌කර අඩි 28000 ක ජල ධාරිතාවක්‌ උසුලන කණ්‌ඩලම ජලාශයේ ජල මට්‌ටම මේ වනවිට අක්‌කර අඩි 6000 දක්‌වා පහළ බැස තිබේ.

කිතුල්හිටියාව - ජේ. බී. බුලාගල


http://www.divaina.com/2011/08/06/provin01.html

No comments:

Post a Comment