Sunday, August 7, 2011

කොළඹ බත් පැකට්‌ සැපයුම්කරුවන් 320 ක්‌ ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කරයි

ඒමන්ති මාරඹේ

කොළඹ නගරයේ හා දිස්‌ත්‍රික්‌කයේ බත් පැකට්‌ සැපයුම්කරුවන් 320 දෙනකු පමණ ඊයේ (05 දා) වන විට කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කර තිබූ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින" ට පැවසීය.

සුළු පරිමාණයෙන් හා මහා පරිමාණයෙන් බත් පැකට්‌ සපයන්නන් මෙසේ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර ඇතත් ඊයේ වන විට ලියාපදිංචි කර තිබුණේ බත් පැකට්‌ අලෙවිකරුවන් දෙදෙනකු බවද වෛද්‍ය කාරියවසම් කීවේය. මෙහිදී මුල්ම ලියාපදිංචි කාඩ්පත ලද බත් පැකට්‌ සපයන්නා කොළඹ නගරයෙන් පිට පිහිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ අයෙකු වීම විශේෂත්වයකි.

කොළඹ නගරයේ බත් පැකට්‌ සැපයුම්කරුවන් මෙම මස අවසන් වීමට පෙර ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇතැයි වෛද්‍ය කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2011/08/06/news27.html

No comments:

Post a Comment