හතමුණගාල සහ කුඹල්ඔළුව ප්‍රදේශවලදී වල් අලින් පහරදීමෙන් මව්වරුන් දෙදෙනකු මියගොස් ඇති බව පොලිසිය කියයි. ඉකුත් 13 වැනිදා වල් අලි පහරදීම් සිදුව ඇත.
කුඹල්ඔළුව, මාගල්ලෑව පදිංචි පනස් හැවිරිදි තිදරු මවක් වූ කේ. එම්. පී. අනුලාවතී නමැති මව නුදුරු වනයදී මරා දමා ඇත. මියගිය මව නාඋල නගරයට යැමට පිටත්ව ගොස් ඇතිබවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති. මෘත දේහය අසල අලියා පැය කීපයක් රැඳී සිටීම නිසා මළ සිරුර ගැනීම සඳහා පොලිසියට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
හතමුණගාල, හතමුණගාල වත්ත පදිංචි පනස් දෙහැවිරිදි තිදරු මවක් වූ පී. පී. පොඩි මැණිකේ නමැති අය අඹන්ගඟට දිය නෑමට යමින් සිටියදී හතමුණගාලවත්ත දේවාලය අසලදී වල් අලි පහරින් මියගොස් ඇත.
වස්‌ගමුව ජාතික වනෝද්‍යානයෙන් මෙම ප්‍රදේශයට කඩා වැදී ඇති වල් අලි රංචු කීපයක් ගම්මාන ගණනාවක සැරි සරිමින් දේපළ, භව භෝග වනසමින් ගැවසෙති.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් අබේසිරිවර්ධන මහතාගේ උපදෙස් මත රත්තොට පොලිස් ස්‌ථානාධිපති පො.ප. නිහාල් ජයවීර, මහවෙල පොලිස් ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. අබේසිංහ, පො.ප. උපුල් සෙනවිරත්න, උ.පො.ප. රණසිංහ, පො.සැ. නිමල් (18924) යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
http://www.divaina.com/2011/08/15/news07.html
=====================================
කතුන් දෙදෙනෙක් ඇත් පහරින් මරුට
ඇතකුගේ ප්‍රහාරයකින් මාතලේ මඩවලඋල්පත මොරගහමඩ සහ කුඹල්ඔලුව පදිංචි කාන්තාවන් දෙදෙනකු පෙරේදා (13) පස්වරුවේදී මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි.
ගම් දෙක වෙන් වූ අඹන්ගඟ දෙපැත්තේ දී මෙම සිද්ධිය වී ඇත. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පී. ජී. පොඩිමැණිකේ (52) සහ එම්. ජී. අනුලාවතී (49) නමැති අයයි. දෙදෙනාම තිදරු මවුවරුන්ය. එක් කාන්තාවක් තම ඥාති දියණියක් සමඟ දියනෑමට යද්දී ඇතාගේ පහර කෑමට ලක් වී ඇත. අනෙක් කාන්තාව කම්පනය නිසා රෝහල් ගත කැර ඇත. අනෙක් කාන්තාව කුඩා දරුවෙකුද වඩාගෙන දියණියන් දෙදෙනකු සමඟ ගඟ එගොඩින් ගමන් කරද්දී ඇතා පන්නා ඇත.
වඩාගෙන සිටි දරුවා පසෙකට විසිවෙද්දී කාන්තාවට පහරදී ඇති අතර දියණියන් දෙදෙනා අසල ගඩොල් පෝරණුවක් යටට ගොස් දිවි බේරාගෙන තිබේ.
කුඩා දරුවා රෝහල් ගත කර තිබේ. පස්වරු දෙකට ප්‍රහාරය එල්ල වී සවස 5.30 වන තුරුත් මළ සිරුරු ලබා ගැනීමට නොහැකි වී තිබේ. ඇතා රැඳී සිටීම ඊට හේතු වී තිබිණි.
http://www.dinamina.lk/2011/08/15/_art.asp?fn=n1108156
No comments:
Post a Comment