- වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්. ඩී. රත්නායක
අනුර බාලසූරිය
දෙස්, විදෙස් සංචාරකයන් වෙනුවෙන් ජාතික උද්‍යාන තුළ පහසුකම් වැඩිදියුණු කෙරෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් එච්. ඩී. රත්නායක මහතා සඳහන් කළේය.
එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි වසර 30 ක කාලයක් අත්හැරදමා තිබූ වනජීවී සංරක්ෂිත ප්‍රදේශ නැවත ස්ථාපිත කර ඒවායේ සංරක්ෂණ කටයුතු දියත් කිරීමටත් සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමටත් පියවර ගෙන ඇතැයි හෙතෙම පැවසීය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අධ්යක්ෂ ජෙනරාල්වරයා මේ බව සඳහන් කළේය.
දෙපාර්තමේන්තුව මගින් වනජීවී පර්යේෂණ දියුණු කර එමගින් සංරක්ෂණ ක්රමෝපායන් සකස් කරන බව පැවසූ අධ්යක්ෂ ජෙනරාල්වරයා උතුරු නැගෙනහිර පළාත්වල තිබෙන චුන්ඩිකුලම්, කෝකිලායි, ඩෙල්µa, මඩු යන වනජීවී රක්ෂිත නැවත ස්ථාපනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බවද පැවසීය.
මෙම අගෝස්තු 12 සහ 13 දෙදින තුළ සිදුකෙරෙන වන අලි සමීක්ෂණයෙන් අනතුරුව මෙරට රක්ෂිත වනාන්තරවල හා වනෝද්‍යාන තුළ සිටින කොටියන් පිළිබඳ සමීක්ෂණයක්ද සිදුකෙරෙන බව කීවේය.
මෙරට දැනට ප්‍රධානතම ගැටලුවක් වී ඇති වනජීවී රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව පවතින අලි මිනිස් ගැටුමෙන් වසරකට අලින් 200 කට අධික සංඛ්‍යාවක් සහ මිනිසුන් 50 කට අධික සංඛ්‍යාවක් මියයන බවත් අලින්ගෙන් සිදුවන වනහානි හා දේපළ හානි විශාල බවත් අනාවරණය කළ අධ්යක්ෂ ජෙනරාල්වරයා මෙම ගැටලුව අවම කිරීම සඳහා දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත් පැවසීය.
අප රටේ සිටින වන අලි සම්පත රැකගත යුතු බවත් ආසියානු රටක වන අලි දෙතුන් සියයක රංචු එකවර දැකිය හැක්කේ ලංකාව තුළදී පමණක් බවත් සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්) එම්. පී. සී. සූරියබණ්ඩාර, අධ්යක්ෂ (පාලන) සී. එම්. ඒ. විමලවීර, වෛද්‍ය තාරක ප්‍රසාද් යන මහත්වරු සහභාගි වූහ.
http://www.divaina.com/2011/08/11/news26.html
No comments:
Post a Comment