Sunday, August 7, 2011

කොළඹ ජාතික රෝහලේ දන්තායතනයේ එක්ස්රේ පටල හිඟයක්


කොළඹ ජාතික දන්තායතනයේ එක්ස්-රේ ගැනීම සඳහා වන එක්ස්-රේ පටල නොමැතිකම නිසා වෛද්‍යවරු හා රෝගීහු දැඩි අපහසුතාවට පත්ව ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
මුඛ රෝග හඳුනාගැනීම සඳහා රෝගීන්ගේ එක්ස්-රේ ගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර සේවා දැනට මාස කිහිපයකට පෙර සිට අඩාල වී ඇත.

ඒ අනුව දිනකට එක්ස්-රේ ගැනීම් සියයත්, එකසිය දහයත් අතර වූ ප්‍රමාණය වර්තමානය වන විට බින්දුව දක්වාම පහළ වැටී තිබේ.
බස්නාහිර පළාතේ අසාධ්‍ය මුඛ රෝගවලින් පෙළෙන බොහෝ ජනතාවක් ජාතික දන්තායතනයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බවත් එක්ස්-රේ පටල නොමැතිකම නිසා මේ රෝගීන්ට නැවත හැරී යාමට සිදු වන බවත් එම ආරංචි මාර්ග පවසයි.

රෝහලට අවශ්‍ය එක්ස්-රේ පටල ලබාදීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගන්නේ නම් රෝගීන් පත්ව සිටින මෙම අසීරු තත්ත්වයෙන් මුදා ගැනීමට හැකි වේ.

No comments:

Post a Comment