තිලාපියා නැමැති මත්ස්‍ය වර්ගයාගේ ආක්රමණශීලිත්වය නිසා මහනුවර වැවට දැඩි තර්ජනයක් එල්ලවී තිබේ. මහනුවර වැව පිළිබඳව ඊයේ (09) පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී මේ පිළිබඳව අනාවරණය විය. මහනුවර වැව හා සම්බන්ධ සියලුම ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මේ රැස්වීම පැවැත්විණි.
මහනුවර වැවේ මත්ස්‍ය ගහනයෙන් 95% ක්ම මේ මත්ස්‍යයා විසින් අත්පත් කරගෙන ඇති අතර මේ හේතුව දේශීය මත්ස්‍ය ගහනයේ දැඩි පරිහානියට හේතු වී ඇති බව ද එහිදී සඳහන් විය. මාස තුන හතරක් තුළ මෙම මසුන්ගේ පැටවුන් බෝවීමත් සමඟ ඉදිරියේ දී වැවට සහ ස්වභාවික පරිසරයට මින් දැඩි හානියක් එල්ලවිය හැකි බවට ද මෙහිදී අනතුරු ඇඟවිණි.
මහනුවර වැවේ මත්ස්‍යයන් සම්බන්ධව බලය පවතින්නේ ‘නාරා’ නැමති ආයතනයට බවද මාළුවන් ඉවත් කිරීම සම්බන්ධව රුපියල් මිලියනයකට ආසන්න මුදලක් ඇස්තමේන්තු ගතව ඇතැයි ද එහිදී සඳහන් විය. නුවර වැව සම්බන්ධව ඇති සියලුම ආයතන සමඟ සාකච්ඡා කොට මේ සඳහා වහා තීරණයක් ගත යුතු බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ දැඩි අවධානය එහිදී මේ සදහා යොමු විය.
No comments:
Post a Comment