වෛද්‍යවරු 293ක් ඕනෑ - ඉන්නේ 198යි
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින උග්‍ර වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් ඉන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට සහ තමන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවී ඇති බව වෛද්‍යවරු සහ සෙසු කාර්ය මණ්ඩල පවසති. මේ හේතුවෙන් එම රෝහලේ ඇතැම් ප්‍රතිකාර ඒකකවල සේවාවන් ඇනහිට ඇති බවත් යෝජිත ඇතැම් ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
රෝහලේ සේවය සඳහා වෛද්‍ය නිලධාරීන් දෙසිය අනූතුන් දෙනකු සිටිය යුතු වුවද මේ වන විට සේවය කරනු ලබන්නේ වෛද්‍ය නිලධාරීන් එකසිය අනූඅට දෙනකු පමණක් බවත් ඒ අනුව වෛද්‍ය නිලධාරීන් අනූපස්දෙනකුගේ පමණ හිඟයක් පවතින බවත් ඔවුහු පවසති.
වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය නිසා උද්ගතව ඇති තත්ත්වයන් හමුවේ තමන්ට දැඩි අසීරුතා මධ්‍යයේ රෝගී ප්‍රතිකාර සේවා කටයුතු කිරීමට සිදුවී ඇති බවත් වෛද්‍යවරුන් හා සෙසු කාර්ය මණ්ඩල අවධාරණය කර සිටිති.
මේ අතර මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා සහ තම සංගමය විසින් අවස්ථා කීපයකදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ අවධානය යොමු කර ඇතත් මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ප්‍රකාශකයෙක් "දිවයින" ට පැවැසීය.
මේ අතර තවත් දින කීපයකින් වෛද්‍ය නිලධාරිනියන් කීපදෙනකුම ප්‍රසූත නිවාඩු ලැබීමට නියමිතව ඇති බවත් පැවැසේ.
රොහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය ඒකකයට ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයකු පත්කොට එවා ඇතත්, එහි සේවය සඳහා සිව්දෙනකුගෙන් යුත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සිsටිය යුතු වුවද, එක් වෛද්‍යවරයකු හෝ නොමැතිකමින් එම ඒකකයේ ප්‍රතිකාර සේවාවන් ඇනහිට ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ප්‍රකාශකයා කීය.
මේ නිසා ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයාට නිකරුණේ කාලය ගතකිරීමට සිදුවී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
හෘද රෝගී ප්‍රතිකාර ඒකකයේ සේවය සඳහා වෛද්‍යවරුන් දොළොස් දෙනකුගේ අවශ්‍යතාවක් පැවැතිය ද එහි දැනට සේවයේ යෙදී සිටින්නේ හත්දෙනකු පමණක් බව ද එම ප්‍රකාශකයා පැවැසීය.
එම ඒකකයේ වෛද්‍යවරියන් තිදෙනකු ද ඉදිරි සති කීපය තුළ ප්‍රසූත නිවාඩු යැමට නියමිතය. මේ නිසා එහි සේවා කටයුතු තවදුරටත් අඩපණවීමේ අවදානමක් උද්ගතව ඇතැයි ද හෙතෙම කීවේය.
මේ අතර ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ පවතින වෛද්‍ය පුරප්පාඩු හයක් නිසා එහි වාට්ටුවල ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ රෝගී ප්‍රතිකාර සේවාවන් ද කිරීමට සිදුවී ඇත.
නොමේරූ වෛද්‍ය ඒකකයේ සේවය සඳහා වෛද්‍ය නිලධාරීන් දහහතර දෙනකුගේ අවශ්‍යතාවයක් ඇතත් එහි දැනට සේවය කරනු ලබන්නේ වෛද්‍යවරුන් හත්දෙනෙක් පමණි.
http://www.divaina.com/2011/08/09/news09.html
No comments:
Post a Comment