Tuesday, August 9, 2011

ආහාර පිසීමට ඇළුමිනියම් භාණ්‌ඩ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගන්නවා

ඇමැති තිස්‌ස කරල්ලියද්ද තුෂාරී කළුබෝවිල 

ආහාර පිසීම සඳහා ඇළුමිනියම් භාජන භාවිතය මුළුමනින්ම ඉවත් කිරීමට ක්‍රියා කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා "දිවයින"ට පැවැසීය.

සෞඛ්‍යාරක්‌ෂිත ආහාර රටාවකට යළි ශ්‍රී ලාංකික ජනතාව යොමු කරවීමත්, දේශීය වළං කර්මාන්තය වැඩි දියුණු කිරීමත් එහි අරමුණ බව ඇමැතිවරයා කීවේය.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පාරම්පරික මැටි වළං නිෂ්පාදන ගම්මාන 28 ක්‌ දැනටමත් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදන වැඩි කිරීම සඳහා අවශ්‍ය සහන සැපයීම හා නිෂ්පාදන සඳහා වෙළෙඳපළක්‌ ඇති කිරීම ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය මගින් ක්‍රියාවට නංවා ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙසේ නිපදවන මැටි වළං ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් මිලදී ගෙන ජනතාව අතර නොමිලේ බෙදා හරින බවත් මේ වන විට රුපියල් ලක්‌ෂ 80 ක වැටි වළං අමාත්‍යාංශය මිලදී ගෙන පවුල් 168000 කට ඒවා බෙදා හැර ඇති බවත් ඇමැතිවරයා කීවේය.



http://www.divaina.com/2011/08/09/news19.html

No comments:

Post a Comment