අක්‌කර 3000 ක් විනාශයි
අනුර බාලසූරිය
රන්දෙණිගල, වික්‌ටෝරියා රක්‍ෂිතයේ පැතිර ගිය ගින්න ඊයේ (12 දා) අලුයම වන විට සම්පූර්ණයෙන් මැඬපැවැත්වීමට හැකිවී තිබේ. ගින්නෙන් එම රක්‍ෂිතයේ අක්‌කර 300 ක පමණ කැලෑ ප්‍රදේශයක් විනාශ වී ගොස් ඇත.
මෙය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රක්‌ෂිත ප්‍රදේශයකි.
පැතිර ගිය ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් එක්‌වී ඇත.
ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා සිද්ධිය දැනගත් වහා ගුවන් හමුදාපතිවරයාට කළ දැනුම්දීමකට අනුව ගින්න නිවීමට හෙලිකොප්ටර් යානාවල සහාය ලැබී තිබේ.
10 වන දින රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවත්, එය ගිනි තැබීමකින් වූවක් බවට සැක කරන බවත් වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල උසස් නිලධාරියෙක් පැවසීය. පවතින වියළි ස්‌වභාවය හා සුළං හේතුවෙන් ගින්න අක්‌කර 3000 ක් පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ගිය බවත් එම නිලධාරියා සඳහන් කළේය.
http://www.divaina.com/2011/08/13/news22.html
No comments:
Post a Comment