Saturday, August 13, 2011

වෛද්‍ය උපකරණ තොගයක් තවමත් ගබඩාවල ගොඩගැහිලා

රුපියල් ලක්ෂ 182ක් අපතේ
රුපියල් ලක්ෂ 182ක් වැයකොට වෛද්‍ය සැපයීම් අංශයට ගෙන්වූ වෛද්‍ය උපකරණ තොගයක් ගබඩාවල ගොඩගැසී තිබේ.

වැඩකට ගත නොහැකි මෙම උපකරණ තොගය මිලදී ගැනීමෙන් රජයේ මුදල් නාස්තියක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

අමාත්‍යාංශයේ ලේකම්වරයාට අසත්‍ය කරුණු ඉදිරිපත් කොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බයෝමෙඩ් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් මේ උපකරණ මිලට ගෙන තිබේ.

මෙම වෛද්‍ය උපකරණ තොගය වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය බව පවසමින් 2008 දෙසැම්බර් 29 වැනිදා ඉල්ලීමක් කර ඇත. එහෙත් අවශ්‍ය කාලසීමාව තුළ එම උපකරණ ලබා දී නැත. ඒ නිසා සැපයීම් අංශය මගින්ම එම උපකරණ තොගය අවලංගු කර තිබේ.

එසේ අවලංගු කර තිබියදීත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම උපකරණ තොගය මිලට ගැනීම ගැටලු සහගත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම අක්‍රමිකවත් මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකය මීට වසරකට පමණ පෙර විමර්ශන ආරම්භ කළේය. එහෙත් එම පරීක්ෂවල ප්‍රතිඵල මේවන තෙක් ලැබී නැත.


http://www.dinamina.lk/2011/08/13/_art.asp?fn=n1108134

No comments:

Post a Comment